පිටසක්වළ ජීවය සෙවීමේ නව ක‍්‍රම


පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සොයා 1959 සිට පර්යේෂණ ඇරඹුනද මෙතෙක් ඒ පිළිබඳ කිසිදු සාක්ෂියක් විද්‍යාඥයන් හට සොයාගැනීමට හැකිවී නොමැති අතර සාර්ථක වුවහොත් එය විද්‍යාවේ උසස්තම සොයාගැනීමද වනු ඇත.
කෙප්ලර් දුරේක්ෂය භාවිතයෙන් සිදුකළ නවතම සොයාගැනීම් වලට අනුව බොහෝ තාරකාවලට යටත් පිරිසෙයින් එක් ග‍්‍රහලෝකයක් හෝ තිබෙන අතර ඉන් කිහිපයක හෝ ජීවය පැවතීමේ සම්භාවිතාව පවතින බව විද්‍යාඥයන්ගේ මතයයි.
කෙසේවෙතත් ෆර්මි විරුද්ධාභාසය ලෙස හැඳින්වෙන පිටසක්වළ ජීවීන් සිටීමේ ඉහළ සම්භාවිතාව සහ එය මෙතෙක් නිරීක්ෂණය කර නොමැතිවීම යන තත්වය පැහැදිලි කරමින් ඒ සඳහා නව ක‍්‍රමවේදයක් බෙල්ජියමේ විද්‍යාඥයකු විසින් ඉදිරිපත් කර තිබේ.
ලීජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මයිකල් ගිලියන් පවසන්නේ ග‍්‍රහණය කරගැනීමට අප සතු තාක්ෂණය ප‍්‍රමාණවත් නොවුනද පිටසක්වළ ජීවීන්ගේ ස්වයං පිටපත්කරණ යානාවන් අප ග‍්‍රහමණ්ඩලයට පැමිණ ආපසු යෑමට ඉඩ කඩ ඇති බවයි.
වොයේජර් 1 වැනි මිනිස් නිෂ්පාදිත යානයක් මේ වන විටත් අන්තර් තාරීය අවකාශයට ඇතුළුවී ඇති අතර ඒ සඳහා වසර 40ක් ගතවී ඇතිමුත් නව තාක්ෂණික වර්ධනයන් සමග මිනිස් වර්ගයාටද ස්වයං පිටපත්කරණ යානාවන් නිර්මාණය කළ හැකි වනු ඇතැයි ඔහුගේ මතයයි.
ඔහු විසින් දක්වා ඇත්තේ  ඕනෑම තාරකාවක් ආලෝකය පවා වක‍්‍ර කරන සහ වර්ධනය කරන බැවින් තාරකාවක් සහ තාරකාවක් යා කරන ආකර්ෂණ ක්‍ෂේත‍්‍රයන් පිටසක්වළ සන්නිවේදනයන් නිරීක්ෂණය කිරීම සඳහා හොඳම ක‍්‍රමවේදය බව ආචාර්ය ගිලියන් පවසා තිබේ.
මෙම ක‍්‍රමවේදය අසාර්ථක වුවහොත් තත්වයේ වෙනසක් නොවන නමුත් සාර්ථක වුවහොත් එය  ඕනෑම යුගයක අප විසින් අත්පත් කරගත් ඉහළම ජයග‍්‍රහණය වනු ඇති බව ඔහුගේ අදහසයි.

Comments