ඇත්තටම පියාඹන පීරිසි කියන්නේ මොනවද?







   සාමාන්‍ය ව්‍යවහාරයේ පියාඹන පීරිසි ලෙස හැඳින්වෙන වස්තූන් සඳහා එම නම ලැබී ඇත්තේ "කෙනෙත් ආර්නෝල්ඩ්"නම් ගුවන් නියමුවා ඒ සඳහා යොදා ගත් වචනය නිසාය.ඒ පිලිබඳව පසුවට ලිවීමට සිතමි.ඇත්තෙන්ම මේවා වර්තමානයේදී හඳුන්වන්නේ "හඳුනා නොගත් පියාඹන වස්තූන්" (Unidentified Flying Object) ලෙසය.මෙවැනි යානා සැබැවින්ම පවතිනවාද? පෘථිවියේ නිර්මාණය වූ යානා නොවේ නම් ඒවා පැමිණෙන්නේ කවර තැනකින්ද?



මෙම විෂයය පිලිබඳ විවිධ රටවල්,ආයතන විසින් නොයෙක් පර්යේෂණ සිදු කොට ඇති අතර ඇමරිකාව සිදු කල ව්‍යාපෘති තුනක් ඉතා වැදගත් වේ.
  1. සයින් ව්‍යාපෘතිය
  2. ග්රජ්  ව්‍යාපෘතිය
  3. නිල් පොත්  ව්‍යාපෘතිය
නිල්පොත් ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශක වූ නෝත්වෙස්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලන් හයිනෙක් හඳුනා නොගත් පියාඹන වස්තූන් මෙලෙස නිර්වචනය කරයි.
"සාමාන්‍ය ආකාරයෙන් හෝ විද්‍යාත්මකව හෝ පහදා දිය නොහැකි වස්තුවක් ,ආලෝකයක්,අහසේ ගමන් කිරීම හෝ නැවතී සිටීම හෝ සිදු කරයි නම් එය හඳුනා නොගත් පියාසර වස්තුවකි"


        
          ඇමරිකාවේ සැන්ටන් ෆ්‍රයිමන් රේමන්,ඊ.ෆ්ලවර් හා බ්‍රිතාන්‍යයේ නේමන් ඔලිවර්,ජෙනී රැන්ඩල් යානා පිරිස පුර්ණ කාලීනව හඳුනා නොගත් පියාඹන වස්තු පිලිබඳ පරීක්ෂණ වල යෙදේ.ඔවුන්ගේ පරීක්ෂණ අනුව පෘථිවියේ සාමාන්‍ය සිදුවීමක් නොවන සිදුවීම් 50,000ක් පමණ වාර්තා කර ඇත.මෙසේ වසර ගණනාවක් තිස්සේ රැස් කල වාර්තා සියුම් නිරීක්ෂණයේදී මේ අද්භූත පියාඹන වස්තූන්ට පොදු වූ කරුනු කිහිපයක් ඉදිරිපත් කරයි.

   එනම් මෙවැනි වස්තූන් හෙවත් යානා පීරිසියක,සුරුට්ටුවක හෝ බිත්තරයක හැඩයෙන් යුක්තය.මේවා බොහෝ විට දීප්තිය විහිදන හිසක් සහිත වන අතර ගමනේ යෙදෙන විට පෘථිවිය සතු කිසිදු යානයක් නිකුත් නොකරන සංඥා එලි නිකුත් කරයි.ඒවායේ වේගය ශබ්දයේ වේගය ඉක්මවන ගුවන් යානා (උදා:සුපර් සොනික් යානා)වලටත් වඩා වැඩි නමුත් ශබ්දයේ වේගය ඉක්මවිමේදී සාමාන්‍ය වශයෙන් නිකුත් වන ශබ්දය තබා යානයක් මගින් නිකුත් වන ශබ්දය වත් නොඇසේ.මේවා ක්ෂණිකවම ගමන් කරන දිශාව වෙනස් කරයි.ගුවන් යානයකට මෙසේ ගමන් කරන දිශාව පහසුවෙන් වෙනස් කල නොහැකි වන්නේ ගුරුත්වය නිසාය.ක්ෂණිකවම දිශා වෙනස් කරන බැවින් පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බල රේඛා කැපෙන විට නිදහස් වන ශක්තියෙන් මෙවැනි යානා එයට අවශ්‍ය ශක්තිය උත්පාදනය කර ගන්නවා ඇතැයි යන සැකය හඳුනා නොගත් පියාඹන වස්තු විශේෂඥයන් අතර වේ.
   
              මේ වන විට මෙවැනි වස්තු පිලිබඳ ව විවිධ ආයතන හා සංවිධාන මගින් රැස් කරන ලද තොරතුරු වලට අනුව හඳුනා නොගත් වස්තූන් පිලිබඳ වාර්තා කල පිරිස සංඛ්‍යාත්මක වශයෙන් මිලියන ගණනකි.නමුත් එසේ ලැබෙන්නාවූ වාර්තා වලින් 90% ක් පමණ අසත්‍ය බවට ඔප්පු වී හමාරය.එදිනෙදා බහුලව දක්නට නොලැබෙන ප්‍රචාරක ගුවන් යානා,සිවිල් හා යුධ ගුවන් යානා,විශාල බැලුන්,සරුංගල් ආදී කෘත්‍රිම නිමවුම්,පීරිසියක හැඩති වලාකුළු,සංචාරක කුරුල්ලන්,වල්ගාතරු,උල්කාපාත ආදී ස්වාභාවික සිදුවීම් මෙන්ම සිකුරු ග්‍රහලොවද අද්භූත වස්තූන් ලෙස ඇතැම් විට වරදවා වටහාගෙන ඇත.මෙම සමහර සිදුවීම් පුද්ගල මානසික මට්ටම් මත ගොඩනැඟුණ මනෝ විකාර ලෙසින්ද,ඇතැම් ඒවා ප්‍රසිද්ධිය හා මුදල් ඉපයීමේ වංචනික චේතනාවෙන් නිමවුන ජායාරූප හා සිදුවීම් ද මේ අතර නොමැත්තේ නොවේ.නමුත් තවමත් වටහාගත නොහැකි සිදුවීම් 10%-20%අතර ප්‍රමාණයක් තිබෙන බව ද අමතක නොකල යුතුය.
     


මෙම විෂයය සම්බන්ධව විශේෂඥයන් හඳුනා නොගත් පියාඹන වස්තු ඒවා දර්ශනය වූ ආකාරය අනුව සමීප හා දුරස්ථ ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වයි.


සමීප සිදුවීම් ලෙස අර්ථ දක්වා ඇත්තේ සමීපව දර්ශනය වී අතුරුදහන් ස්වල්ප කාලය ඇතුලත අමුතු ආකාරයේ ජීවින් දර්ශනය කරමින් ඔවුන් හා කතා බහ කරමින් සිට,යානා පිටත් වූ පසුව පරීක්ෂණ වලට බඳුන් කල හැකි සේ පොලොව මත පිළිස්සුම්,ආවාට,විකිරණ වැනි සාධක ඉතිරි කරන සිදුවීම්ය.එසේම පිටසක්වල ජීවින් විසින් කරන ලද පැහැර ගැනීම් හා ඔවුන් විසින් පෘථිවි වැසියන් භාජනය කරන ලද නොයෙක් පර්යේෂණ ඇතුලත් සිදුවීම්ද අයත්ය.


දුරස්ථ සිදුවීම් ලෙස පැහැදිලි හැඩයක් නොමැතිව දිස්වන ආලෝකයන් හා පැහැදිලි හැඩයක් සහිතව දිස්වන ආලෝකයන්ය.මෙවැනි සිදුවීම් රේඩාර්,වීඩියෝ පට හා කැමරා මගින් ග්‍රහණය කර ගත හැකිවේ.

කොහෙන්ද මේ පියාඹන පීරිසි එන්නේ?

       හඳුනා නොගත් පියාඹන වස්තු කවර ස්ථානයක සිට එන්නේද?යන්න විශාල ගැටළුවකි.වෙනත් චක්‍රාවාටයක තරුවක් ආශ්‍රිත ජීවත් වන ජීවින් මෙවැනි යානයකින් එන්නේ නම් එම ගමන සඳහා විශාල කාලයක් ගතවේ.උදාහරණයක් ලෙස පෘථිවියේ සතු ලොකුම රොකට්ටුවෙන් ළඟම ඇති තරුව වන "ප්‍රොක්සිමා සෙන්චුරි"වෙත යාමට ගත වන කාලය අවුරුදු 185,000පමණ වේ.නමුත් ආලෝකයේ වේගයෙන් ගමන් කල හැකි නම් ඒ සඳහා අවම වශයෙන් ගත වන්නේ අවුරුදු 4කි.නමුත් ආලෝකයේ වේගයෙන් ගමන් කල හැකි කිසිවෙකු නොවන බව නවීන විද්‍යාවේ මතයයි.එහෙත් විටෙක ඇල්බට් අයින්ස්ටයින් නම් මහා විද්‍යාඥයා ප්‍රකාශ කලේ ස්කන්ධය හමුවේ ආලෝකය වක්‍ර ව පැමිණෙන්නක් බවය.එවිට විශ්වයේ ඈතින් පිහිටි තරුවකට ඇති සැබෑ දුර ,ආලෝකය ගමන් කරන දුරට වඩා කුඩා වේ.මෙලෙසින් ගත් කල පිටසක්වල ජීවින් ඔවුනගේ ග්‍රහලොවේ සිට පෘථිවියට පැමිණීම සඳහා ඇති කෙටිම දුර තෝරා ගන්නේ නම් ඔවුනට ගෙවා දැමීමට ඇති දුර හා කාලය අප හිතන තරම් විශාල නොවේ.
විවිධ ආගම් හා දර්ශනයන්ට අනුව සමහර කරුණු වලින් මෙවැනි ජීවින් සම්බන්ධ කරුණු විවාදයට ලක් කර ඇත.



       බටහිර ලෝකයේ ප්‍රසිද්ධ හා සිත් ගන්නා සුළු මතයක් වන්නේ පිටසක්වල ජීවින් පෘථිවියේ සිටම පැමිණෙන බවය.අප ජිවත් වන්නේ දිග,පළල,හා උස යානා සාධක තුන මත යැපෙන්නාවූ ත්‍රිමාණ ලෝකයකය.මෙහි අපට "කාලය"යන සාධකය පාලනය කල නොහැකී නමුත් එසේ කල හැකි සිව් මාන,පංච මාන වැනි ලෝකද පැවතිය හැකිය.මෙම කරුණු පෙන්වමින් බහු මාන විශ්වයක පැවැත්ම පිලිබඳ මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් සාකච්ජා කළේය.මොහු පෙන්වා දෙන පරිදි මාන(dimension)වෙනස් ලෝක දෙකක් මත එක මත එක වෙලී පැවතිය හැකිය.එහෙත් එක් මානයක සිටින අයට අනෙක් මානයේ ඇති ලොව නොපෙනේ.නමුත් දියුණු තත්වයට පැමිණි ජීවි කොට්ඨාශයකට මේ මාන නම් බාධකය මැඩ ගෙන එක් ලොවකින් තවත් ලොවකට පිවිසීමට හැකිය.



බෞද්ධ සාහිතයේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම බඹලොවට,දෙව්ලොවට වැඩිය බව සඳහන් වේ.බුදුරජාණන් වහන්සේ වැනි මානසික ශක්තියෙන් ඉහලම තලයකට පැමිණි අයෙකුට මෙම "මාන"නම් බාධකය ජය ගත හැක.

1938 දී පුරා විද්යාඥයෙකු වන චයි පූ තෙයි(Chi Pu Tei) විසින් සිනෝ ටිබෙට් දේශ සීමාවේ පිහිටි බයියන් කාරාඋලා කඳු නිම්නයේ අද්භූත ආකාරයෙන් පිහිටා ඇති ගල් ගුහා කිහිපයක් සොයා ගත්තේය.ඇතැම් ගල් ගුහා තුල නොයෙක් සිතුවම්ද දක්නට ලැබිණි.මෙම සිතුවම් අතර හෙල්මට් වැනි හිස්වැසුම් පැළඳ සිටි ජීවින් මෙන්ම තරු,චන්ද්‍රයා,හා සූර්යයා සම්බන්ධ වන සිතුවම්ද විය.මෙහි වඩාත් වැදගත් වූවේ විශාල හිස් කබලක් සහිතව කුඩා ඇටසැකිලි හමුවීමය.

එම ගුහා තුලින්ම සොයාගත් ශබ්ද පටිගත කරන තැටියක හැඩය ඇති සංඥා පුවරුවක් 1962දී විමර්ශනයට ලක් කල මහාචාර්යය සූම් උම් නුයි එහි සඳහන් කරුණු පරිවර්තනය කිරීමට සමත් වීමේ ප්‍රතිපලයක් වශයෙන් මිට අවුරුදු 12000ට පෙර යම් ජීවි කණ්ඩායමක් ඔවුනගේ යානයේ වූ දෝෂයක් නිසා මෙම සෞරග්‍රහ මණ්ඩලයේ තෙවැනි ග්‍රහලොවට ගොඩ බැස්ස බවය.එකී යානය අලුත්වැඩියා කල නොහැකි වූ බැවින් අසල කඳුවල ජීවත් වූ ග්‍රෝත්‍රික කණ්ඩායම් සමඟ මිත්‍ර වීමට මෙම ජීවින් උත්සහ කොට තිබේ.නමුත් මෙම ජීවින් තුලින් දිස්වූ,"මානව නොවන"ස්වරුපය නිසා මොවුන්ව ග්‍රෝත්‍රිකයන් විසින් මරා දමා ඇත.වසර 12000 ට පෙර සිදුවූ මෙම සිදුවීම සත්‍ය නම් පිටසක්වලයන් මෙහි පැමිණෙන්නට ඇත්තේ කෙනත් ආනොල්ඩ් ඔවුන්ව මුලින්ම දක්නටත් පෙරය.වඩා විමසිල්ලෙන් බැලූ කල ආදීතම සාහිත්‍ය අංග මෙයට සාක්ෂි දරයි.


       ඉන්දියාවේ පුරාවතක් වන රාමායනයේ රාවන රජුට දඬුමොණරය නම් ගුවන් යානයක් පැවැතීය.මේ පිලිබඳ විද්‍යාඥයින් කල පරීක්ෂණ වලදී පෙනී ගියේ ඒ සඳහා විද්‍යුත් මෝටර් පවා යොදාගෙන ඇති බවය.එසේම ඒවා අහසේ ගමන් කිරීමට පමණක් නොව සඳේ පැවති යුද්ධයකට පවා යොදා ගෙන ඇති බවද සඳහන් වේ.සඳේ යුධ වදින්නේ කවුරු සමඟද? මෙය ශ්‍රී ලංකාව තුලින් හමුවන එක් සාක්ෂියකි.

ඉපැරණි චීන ඉතිහාසයෙන්ද ස්වර්ගයේ සිට මකරුන් පිට නැගී පැමිණෙන,ගිනිදැල් ලෙස හුස්ම පිට කරන,දිගුකල් ජිවත් වන පාලකයන් පිළිබඳව සඳහන් වේ.ටිබෙටයේ"කන්තුව"නම් ග්‍රන්ථයක් ඇති අතර එහි එක්තරා පරිච්ජෙදයක පුනර්භවය මඟින් ජීවියෙකු නැවත නැවත උපදින්නේ පෘථිවිය මතම නොවන බව සඳහන් කරයි.ටිබෙට් රජවරුන්ගේ ආරම්භය ඇතිවන්නේ 17 වන සියවසේ වන අතර සුප්‍රකට පළමු රජවරු හත් දෙනා තරුවලින් පැමිණි බවත් මරණයෙන් පසු නැවත ඔවුන් තරු කරා ගිය බවත් ටිබෙටයේ ප්‍රසිද්ධය.

        එමෙන්ම පුරාතන ඊජිප්තුවේ කතා ග්‍රන්ථයක් වූ "ටෙප් සෙෆි"වල සඳහන් වන්නේ අහසේ දෙවිවරු පැමිණ පොළොවේ මඩ හා ජලයෙන් භුමිය මැවූ බවයි.මෙම දෙවියන් වාතයේ එහා මෙහා ගමන් කලේ පියාඹන බෝට්ටුවලය.මොවුන් නීති හදමින් සමාජය උසස් කරමින් "පාරෝස්"රජ පෙළපත ආරම්භ කළේය.

පැරණි බැබ්ලෝනියානු හා සුමෙයිරියානු ලේඛනවල පුරාතන මිනිසා කොතෙක් නම් ආගන්තුකයන්ගේ බලපෑම් වලට ලක්විද යන්න සඳහන් කරයි.මේ ආගන්තුකයන් පැමිණ ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ 12 වන ග්‍රහලොවෙනි.සුමේරියන්වරු මෙය "නිබිරු"ග්‍රහ ලොව ලෙසත් බැබ්ලෝනියන්වරු මෙය"මඩාක්"ග්‍රහලොව ලෙසත් හැඳින්වූහ.නමුදු ඉරත් හඳත් ග්‍රහලෝක දෙකක් ලෙස සැලකුවේ නම් ග්‍රහලෝක 12 සම්පුර්ණ වීමට 10 වන ග්‍රහලොවක් පැවැතිය යුතු බව "සේචාරියන් සිට්චෙන්"(ලෝකයේ සුමේරියන් භාෂාව කියවිය හැකි 200ට අඩු පිරිසෙන් එක් පඬිවරයෙකි) "The Earth Chronides" නම් ග්‍රන්ථයෙන් එම 10වන ග්‍රහලොව සෞරග්‍රහ මණ්ඩලයට පැමිණ ඇත්තේ මිට වසර බිලියන 4 ට පෙදී බවත් සඳහන් කරයි.
   
       සුමේරියන් වරු සකසන ලද  සෞරග්‍රහ  මණ්ඩලයේ ග්‍රහලෝක පිළිවෙලට නම් කොට තිබූ සිතියමක් කැනීම් වලදී හමුවී ඇත.වසර 3600 ට වරක් පෘථිවියට ආසන්න වන 10 වන ග්‍රහ ලොවක් පිළිබඳව එහි සඳහන් වේ.වත්මන් විද්‍යාඥයින් නව දුරේක්ෂ භාවිත කල නෙප්චුන්,ප්ලුටෝ වැනි ග්‍රහයන් සොයා ගනිද්දී ඊට වසර 6000 ට පෙර සිටි සුමේරියන්වරු ග්‍රහයන් දස දෙනෙකුත්,ග්‍රාහක වලල්ලකුත් පැහැදිලිව සටහන් කර තිබීම විස්මයජනක වේ.

චිනයෙන් හා බුරුමයෙන් කැනීම් වලින් හමුවූ මැටි පිළිම,පිටසක්වළ ජීවින් හා පෘථිවි වාසීන් අතර සබැදියාව පෙන්වන එක් සාධකයකි.එසේ සොයා ගත් මැටි පිළිම වර්තමාන අභ්‍යවකාශගාමින් ඇඟලන අභ්‍යාවකාශ ඇඳුම් වලට සමාන හැඩයකින් නිර්මාණය කර තිබිණි.කාල නිර්ණයන්ට අනුව වසර සිය ගණනක් ඈතට දිව යන මෙම පිළිම අදටද අභිරහසක්ව පවතී.

          ශ්‍රී ලංකාවේ අනුරාධපුර රන්මසු උයනේ එක්තරා ගල් සිතියමක් මෙකී විශ්වය පිලිබඳ ආකෘතියක් සපයන බව ද එයට සමාන සිතියමක් මිසරයේ ද පවතින බවද විද්‍යාඥයන් මතයක් පල කරයි.මෙය පිටසක්වළ ජීවින් සමඟ සම්බන්ධ විය හැකි යතුරක් හා දොරටුවක් විය හැකි බවටද මතයක් පවතී.


ආදී පිටසක්වලයන් මෙහි පැමිණ විස්මිත නිමවුම් සිදු කලාද?

1969 වසරේදී පල වූ වොන් ඩනිකන් නම් ග්‍රන්ථ කතුවරයා "Chaiots Of Gods" නම් කෘතිය තුලින් ඊජිප්තුවේ පිරමිඩ,එංගලන්තයේ ස්ටෝන් හෙන්ජ් නම් පාෂාණ,ඇමරිකාවේ මේසා පර්වතය,ඊස්ටන් ගල් ප්‍රතිමා ඇතුළු තවත් ස්ථාන කිහිපයක් පෘථිවි මිනිසා පිටසක්වල ජීවින් සමඟ සම්බන්ධතා පැවැත්වීමට සාක්ෂි දරන බව පවසයි.

පිරමිඩ

     තවමත් අභිරහසක්ව පවතින ඊජිප්තු පිරමිඩ තැනීමේ අරමුණ තවමත් පැහැදිලි නැත.ඊජිප්තුව පුරා විශාල වියලි බිම් පරාසයක විහිදෙන මෙකී පිරමිඩ හුදෙක් මියගිය රජුන්ගේ සොහොන් කොත් හෝ ස්මාරක ලෙස සැලකීම දුෂ්කරය.තාක්ෂණය එතරම් නොදියුණු යුගයක මෙකී නිර්මාණයන්ට ආභාෂය ලැබුනේ කෙසේද?මේවාට පිටසක්වලින් උදවු ලැබුණිද?

පිරමිඩ ගවේෂකයන් ඉදිරිපත් කර ඇති විවිධ මත අතරින් ප්‍රධාන මතයක් වන්නේ අක්ෂාංශ හා දේශාංශ පිලිබඳ මතයය.පිරමිඩ පෘථිවියේ උතුරු අක්ෂාංශ 30ට ඉතාමත් ආසන්නවද එනම් නිරක්ශයත් උතුරු ධ්‍රැවයත් අතර දුර 1/3 වන ස්ථානයේ පිහිටන බවත් එකී අක්ෂාංශ දේශාංශ කැපී යන්නේ පෘථිවියේ ඉතාමත් වියලි කර්කශ බිම් තීරු වලින් බවත් පෙන්වා දෙයි.මනුෂ්‍ය වාසයට නොසුදුසු මෙවන් වාසස්ථාන ඊජිප්තු වැසියන් සොයා ගත්තේ කෙසේද?

           පිරමිඩයක එක් එක් පැත්තේ දිග රියන් වලින් ගණනය කල විට අවුරුද්දක දින ගණනට සමාන බවත්,විශාලම පිරමීඩයේ උස බිලියනයෙන් ගුණ කල විට එම දුර සුර්යයාට සමාන බවද ඇතැම් ලේඛකයන් පෙන්වා දෙයි.

 වර්ෂ 1864දී චාර්ල්ස් ස්මිත් නම් ස්කොට්ලන්ත ජාතික තාරක විද්‍යාඥයා "විස්මිත පිරමිඩයන්හි අපේ උරුමය"නම් ග්‍රන්ථයේ පිරමිඩ තැනීමේ එකක ක්‍රමය පිලිබඳ සාකච්ජා කරයි.ඔහු මෙම ඒකකය "පිරමිඩ අඟල්"ලෙස හඳුන්වයි.මෙම පිරමීඩ අඟලක් බ්‍රිතාන්‍ය මෙට්‍රික් ඒකක ක්‍රමයේ අඟල් 1.00099 ට සමානය.මෙසේ ඉතා නිවැරදි මිණිත ක්‍රමයක් ඊජිප්තු වැසියන්ට ලැබුනේ කෙසේද?

        එමෙන්ම පිරමිඩ ගවේෂකයන් විශ්වාස කරන්නාවූ තවත් මතයකි පිරමිඩ තුල ඇති පහත මාලයට බසින ආලින්දයේ ධ්‍රැව තාරකාව ඉලක්ක කර පැවතී ය යන්නයි.එකල ග්‍රහ තාරක හා මිනිසා අතර දැඩි සම්බන්ධයක් පවතින්නට ඇතැයි තවෙකෙකුගේ මතයයි.ඒ අනුව ගීසා හි විශාලම පිරමිඩ 3ක් වන කුෆු,කෆරේ හා මෙන්කචුරේ යන පිරමිඩ තාරකා රාශියේ එක පෙලට ඇති ප්‍රධාන තරු තුන නිරුපනය කරන බවත් ඇතැමුන්ගේ මතය වී ඇත.පිරමිඩ සැකසීමට පිටසක්වළ ජීවින් බලපෑවේද යන්න සැක කරන ඇතැම් ගවේෂකයන් එකී විශේෂ ස්ථාන වල පිරමීඩ තැනීම දුර්ලභ අවස්ථාවක් යැයි පෙන්වා දෙයි.ධ්‍රැව තාරකාව සම්බන්ධ සිදුවීම සිදුවීම අහඹු සිද්ධියක් බවට ඔවුන් තර්ක කරන්නේ පිරමිඩ තනන අවස්ථාවේ පෘථිවි අක්ෂය ධ්‍රැව තාරකාව කෙරෙහි යොමු නොවී පැවති බවද,නියමිත ආනතියෙන් යුත් ආලින්දය තැනීමට එය හේතු සාධක නොවූ බවත් පවසමිනි.විවිධ ගොඩනැඟිලි වල උස,වට ප්‍රමාණය,ආදී කරුණු වලදී විවිධ සංඛ්‍යාවන් වැදගත්වීම අහඹු සිදුවීමක් බව මාටින් ගාඩ්නර් "Fase Fallacies"නම් ග්‍රන්ථයෙන් දක්වා ඇත.ඕනෑම ගොඩනැඟිල්ලක ඕනෑම ඒකක ක්‍රමයක් භාවිත කරමින් මිනුම් ලබා ගතහොත් ඒවා අතර විවිධ සම්බන්ධකම් පවතින බවද ඔහු පෙන්වා දෙයි.

නිල් පොත් ව්‍යාපෘතිය

        හඳුනා නොගත් පියාඹන වස්තූන් පිලිබඳ පිළිගත් හා බහුල සිදුවීම් ඇති ව්‍යාපෘතිය මෙයයි.1947 ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය 1969 දෙසැම්බර් 17 අවසන් කරන බව ඇමරිකාවේ ගුවන් හමුදාවේ ලේකම් ප්‍රකාශ කර ඇත.මේ කාලය තුල සිදුවීම් 12618 ක් අඩංගු වූ අතර එයින් 701ක් පැහැදිලිවම හඳුනාගත නොහැකි සිදුවීම් ලෙස නිර්වචනය කෙරිණි.මෙහි සයින් හා ග්ර්ජ් ව්‍යාපෘති වල සිදුවීම්ද ඇතුලත්ය.නිල් පොත් ව්‍යාපෘතියේ අවසානයත් සමඟ ගුවන් හමුදාව විසින් අදාළ සිදුවීම් පරික්ෂා කිරීම් හා විශ්ලේෂණයන් නැවතුන අතර ඒ සම්බන්ධව පනවා තිබූ නොයෙක් සම්බාධකද ඉහිල් කෙරුණි.මෙම ව්‍යාපෘතියේ සියළු ලිපි ලේඛන වොෂින්ටනයේ රාජ්‍ය ලේඛනාගාරයේ හමුදා අංශයේ පවතින අතර එම ව්‍යාපෘතියෙන් පසු නැවත එවැනි ව්‍යාපෘතියක් කිරීමට වර්තමානයේ උත්සහ නොකරනුයේ අධික වියදම නිසාමය.නමුත් විශ්ව විද්‍යාල කිහිපයක් හා විද්‍යා සංගම් දැඩි උනන්දුවෙන් පසු වෙන අතර මීට අමතරව පුද්ගලික සංවිධාන හා සංගම්ද "හඳුනානොගත් පියාඹන වස්තු"පිලිබඳ කටයුතු කරයි.

බර්මියුඩා ත්‍රිකෝණය


               පිටසක්වළ ජීවින් පිලිබඳ නොයෙක් කට කතා පැතිර ගිය එමෙන්ම අහස් යානා,නැව් ආදිය අතුරුදහන් කරන්නාවූ ස්ථානයකි.හිටි හැටියේ අතුරුදහන් වන මෙම යානා වෙනත් පිටසක්වළ ලොවක් කරා ගෙන යන බවට මතයක් ඇත.නමුත් බොහෝ දෙනාගේ මතය වන්නේ එහි ඇති පාරිසරික වෙනස්කම්ය.මෙහි ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයක් පවතින නිසා සියළු සන්නිවේදන කටයුතු ඇනහිට කුණාටු තත්වයන්හිදී මෙම යානා විනාශ වන බවටද මතයක් පවතී."Into The Bermuda Triangle"නම් කෘතියෙහි නව මුද්‍රණයේ "ජයාන් ක්වාසර්"පවසන්නේ මීතේන් හයිද්‍රෙඩ්වල බලපෑමක් මත මෙකී විනාශයන් සිදුවෙන බවය.

බර්මියුඩා ත්‍රිකෝණයට මීතේන් හයිද්‍රෙඩ්වල බලපෑම වන්නේ කෙසේද?පෘථිවි පෘෂ්ටයේ පැලීම් පිළිබඳව අපි අසා ඇත.එවන් පැලීම් බර්මියුඩා ත්‍රිකෝණය අයත් ප්‍රදේශයේද පවතින අතර මෙකි සංයෝගය පෘථිවි පෘෂ්ටය මතට පැමිණේ.මේ නිසාම ජලයේ ඝනත්වය වෙනස් වේ.ඝනත්වය අඩු වේනම් අනතුරට පත් වන නැව් සියල්ල සෙමින්  ගිලි යායුතුය.නමුත්බොහෝ විට වාර්තා වන්නේ ක්ෂණික අතුරුදහන් වීම්ය.එමෙන්ම ගුවන් යානා සඳහාද මෙකී නියමය ගැලපෙන්නේ නැති අතර මීතේන් හයිද්‍රෙඩ් එකතු වීම නිසා පෘථිවි පෘෂ්ටය හරහා සිදුවන කාන්දුවීම් හා පැලීම් බහුල නොවන අතර එවන්නක් සිදුවන්නේද අවුරුදු 400 ට වතාවක් බව භූ විද්‍යාඥ මතයයි.

Comments