Posts

අනුරාධපුර අහසේ අද්භූත ආකාශ වස්තුවක්

Image
  අනුරාධපුර ඉහළ අහසේ අද්භූත ආකාශ වස්තුවක් අනුරාධපුර -මහේෂ් පටබැඳිගේ ඉහළ අහසේ ඉතා දීප්තිමත් ආලෝක ධාරාවක් විහිදුවමින් ආකාශ වස්තුවක් පෙරේදා (8දා) සවස් කාලයේ අනුරාධපුර නගරයට මඳක් අෑතින් ගමන්කරන අයුරු දැක ගැනීමට හැකිවිය. මේ ආකාශ වස්තුව මුලින්ම සිරස් අතට සුදු පැහැති දුමක් අයුරින් ගමන්කළ අතර පසුව තිරස් අතට දීප්තිමත් කහ පැහැති එළියක් විහිදුවමින් ගමන් කරන අයුරු දක්නට ලැබිණි. එය පොළොවට දිස්වූ ආකාරයට අනුව මීටර් 20ක් 30ක් පමණ දිගින් යුක්ත විය. විනාඩි 30කට ආසන්න කාලයක් ඉහළ අහසේ මේ දීප්තිමත් වස්තුව ඉතා සෙමින් ගමන් කරන අයුරු දර්ශනය වී පසුව එක්වරම නොපෙනී ගියේය.

පිටසක්වළ ජීවය සෙවීමේ නව ක‍්‍රම

Image
පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සොයා 1959 සිට පර්යේෂණ ඇරඹුනද මෙතෙක් ඒ පිළිබඳ කිසිදු සාක්ෂියක් විද්‍යාඥයන් හට සොයාගැනීමට හැකිවී නොමැති අතර සාර්ථක වුවහොත් එය විද්‍යාවේ උසස්තම සොයාගැනීමද වනු ඇත. කෙප්ලර් දුරේක්ෂය භාවිතයෙන් සිදුකළ නවතම සොයාගැනීම් වලට අනුව බොහෝ තාරකාවලට යටත් පිරිසෙයින් එක් ග‍්‍රහලෝකයක් හෝ තිබෙන අතර ඉන් කිහිපයක හෝ ජීවය පැවතීමේ සම්භාවිතාව පවතින බව විද්‍යාඥයන්ගේ මතයයි. කෙසේවෙතත් ෆර්මි විරුද්ධාභාසය ලෙස හැඳින්වෙන පිටසක්වළ ජීවීන් සිටීමේ ඉහළ සම්භාවිතාව සහ එය මෙතෙක් නිරීක්ෂණය කර නොමැතිවීම යන තත්වය පැහැදිලි කරමින් ඒ සඳහා නව ක‍්‍රමවේදයක් බෙල්ජියමේ විද්‍යාඥයකු විසින් ඉදිරිපත් කර තිබේ. ලීජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මයිකල් ගිලියන් පවසන්නේ ග‍්‍රහණය කරගැනීමට අප සතු තාක්ෂණය ප‍්‍රමාණවත් නොවුනද පිටසක්වළ ජීවීන්ගේ ස්වයං පිටපත්කරණ යානාවන් අප ග‍්‍රහමණ්ඩලයට පැමිණ ආපසු යෑමට ඉඩ කඩ ඇති බවයි. වොයේජර් 1 වැනි මිනිස් නිෂ්පාදිත යානයක් මේ වන විටත් අන්තර් තාරීය අවකාශයට ඇතුළුවී ඇති අතර ඒ සඳහා වසර 40ක් ගතවී ඇතිමුත් නව තාක්ෂණික වර්ධනයන් සමග මිනිස් වර්ගයාටද ස්වයං පිටපත්කරණ යානාවන් නිර්මාණය කළ හැකි වන

පිටසක්වළ ජිවය යනු කුමක්ද?

Image
පෘථිවිය හැරුණු විට වෙනත් ග්‍රහලෝකයක,උපග්‍රහයෙකු මත නැතහොත් ග්‍රහකයක හෝ අභ්‍යවකාශයේ ඇති දුවිලි අංශුවක හෝ කිසියම් ජීවයක් පවතී නම් එය "පිටසක්වළ ජිවය"ලෙස හඳුන්වයි.මොවුන් අප මෙන්ම මහා ජීවින්ම වීම අවශ්‍ය නොවන අතර අභ්‍යවකාශයේ පවතින දුවිලි අංශුවක් මත ඇතිවන ක්ෂුද්‍ර ජීවින් වුවද පිටසක්වළ ජිවය ලෙස හැඳින්විය හැකිය. ව්‍යුහමය හා කෘත්‍යමය වශයෙන් ජීවයට දායක විය හැකි මහා අණු තැනිය හැක්කේ අප දන්නා මුල ද්‍රව්‍ය වලින් පහකට පමණි.එනම් කාබන්,නයිට්‍රජන්,සිලිකන්,බෝරෝන් හා පොස්පරස්ය.අනෙක් මුලද්‍රව්‍ය අයනික බන්ධන තැනීමට වැඩි නැඹුරුවක් දක්වන ලෝහ හෝ රසායනිකව අක්‍රීය වායු හෝ මුලද්‍රව්‍ය හෝ වේ. පෘථිවියේ ජිවය කාබන් මත ව්‍යුහමය හා කෘත්‍යමය වශයෙන් ගොඩ නැඟුනද පිටසක්වළ ජිවයක් එකී මුල ද්‍රව්‍ය පහෙන් හැකිදැයි විමසා බලමු. සහ සංයුජ ඉලෙක්ට්‍රොන තුනක් පැවතීම නිසා ඉලෙක්ට්‍රොන ඌනතාවයක් පවතින බෝරෝන් මුලද්‍රව්‍යයට තැනිය හැක්කේ සීමිත බන්ධන ගණනක් පමණි.එසේම එවැනි සංයෝගවල ස්ථායිතාවය හා ස්වභාවය පිලිබඳ ගැටළු රාශියක් ඇත.නයිට්‍රජන් හි අණුවේ බන්ධන ස්ථායිතාවය ඉතා වැඩි බැවින් තැනෙන කුඩා දාමයක් වුවද පහසුවෙන් වියෝජනය වී නයිට

ඇත්තටම පියාඹන පීරිසි කියන්නේ මොනවද?

Image
   සාමාන්‍ය ව්‍යවහාරයේ පියාඹන පීරිසි ලෙස හැඳින්වෙන වස්තූන් සඳහා එම නම ලැබී ඇත්තේ "කෙනෙත් ආර්නෝල්ඩ්"නම් ගුවන් නියමුවා ඒ සඳහා යොදා ගත් වචනය නිසාය.ඒ පිලිබඳව පසුවට ලිවීමට සිතමි.ඇත්තෙන්ම මේවා වර්තමානයේදී හඳුන්වන්නේ "හඳුනා නොගත් පියාඹන වස්තූන්" ( Unidentified  Flying  Object) ලෙසය.මෙවැනි යානා සැබැවින්ම පවතිනවාද? පෘථිවියේ නිර්මාණය වූ යානා නොවේ නම් ඒවා පැමිණෙන්නේ කවර තැනකින්ද? මෙම විෂයය පිලිබඳ විවිධ රටවල්,ආයතන විසින් නොයෙක් පර්යේෂණ සිදු කොට ඇති අතර ඇමරිකාව සිදු කල ව්‍යාපෘති තුනක් ඉතා වැදගත් වේ. සයින් ව්‍යාපෘතිය ග්රජ්    ව්‍යාපෘතිය නිල් පොත්    ව්‍යාපෘතිය නිල්පොත්  ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශක වූ නෝත්වෙස්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලන් හයිනෙක් හඳුනා නොගත් පියාඹන වස්තූන් මෙලෙස නිර්වචනය කරයි. "සාමාන්‍ය ආකාරයෙන් හෝ විද්‍යාත්මකව හෝ පහදා දිය නොහැකි වස්තුවක් ,ආලෝකයක්,අහසේ ගමන් කිරීම හෝ නැවතී සිටීම හෝ සිදු කරයි නම් එය හඳුනා නොගත් පියාසර වස්තුවකි"                    ඇමරිකාවේ සැන්ටන් ෆ්‍රයිමන් රේමන්,ඊ.ෆ්ලවර් හා බ්‍රිතාන්‍යයේ නේමන් ඔලිවර්,ජ